Friday, April 24, 2009

දුම්රිය මාරුව

ඔන්න දවසක් අපේ Office එක ඉවර වෙලා ගෙදර යන්න කියල Station එකට ගියාම 5.25 විතර කියනවා "මහව හංදිය බලා යන දුම්රිය 2 වන වේදිකාවට පැමිණෙනවා" කියල. ඉතින් පරණ පුරුද්දට මමත් අනේ හරි සතුටින් කෝච්චිය ආපුගමන් නැගල Sheet එකක් අල්ලගෙන පොඩි නින්දක් දාන්න කියල හැදුව විතරයි මෙන්න කියනව මේක ගම්පහ නවත්තන්නෙ නැහැ කියල. කමක් නැහැ කොටුවට යන්නවා කියල හිටිය. ඉතින් ඔන්න කොටුව ගිහිල්ල කෝච්චියෙන් බැස්සා විතරයි කියනව මේක ගම්පහ නවත්තනවා කියලා. මට ඉතින් ..........

මේක ඉතින් ලංකාවනෙ. නේද ?

10 comments:

  1. හික් හික්...
    දැන් මහව කෑලි 2කට කඩලලු නේද? :)

    ReplyDelete
  2. ඔවු ඔවු මේක ලංකාවනේ :)

    ReplyDelete
  3. අද මං ගෙදර එන්න රුහුණු කුමාරියට නගින්න ඉන්නකොට මරදානෙන් කියනව මෙහෙම.
    "සවන්දෙන්න....
    ගාල්ල සහ මාතර බලා ධාවනය වන රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් 5 වන වේදිකාවට ලඟාවනවා ඇත.....
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව,රත්මලාන,දකුණු කළුතර,අළුත්ගම,කොස්ගොඩ,අම්බලන්ගොඩ,හික්කඩුව,ගාල්ල
    ,අහංගම,වැලිගම සහ මාතර"

    මම බැළුව යකෝ අද රුහුණ රත්මලානත් නවත්තනවද කියල. එතකොටම වෙනින් එකෙක් මයික් එක අරගෙන ආයෙ කියන්න ගත්ත. ඒ පාර රත්මලාන නෑ. අර කලින් කිව්ව එක අහගෙන ඉඳල මනුස්සයෙක් කෝච්චියට නැග්ගනම් බහින්න වෙන්නෙ කළුතරින් තමයි.

    ReplyDelete
  4. දවසක් මම ගම්පහ ස්ටේෂන් එකේ ඉන්නකොට කියනවා ‍1වන වේදිකාවට ලගාවන දුම්රිය දුම්රියක් නොවේ කියල බැලින්නම එවෙලාවෙ එන්න තිබිල තියෙන්නෙ කොලඹ යන සාමානය දුම්රියක් සද්දෙ ඇහිලද කොහෙද එනවුස් කරද්දිම ඇවිල්ල තියෙන්නෙ බඩු කෝච්චියක් ඉතින් දුම්රියක් නෙමේ කියල කියලා

    ReplyDelete
  5. දුම්රි නිවේදනකරැවන් කියලා ‍වෙනම නිලයක් නෑනේ ස්ථිර ලෙසම. ඒවා වෙන වෙන අය කරන්න ගියාව මෙහෙම වෙන එකත් ප1දුමයක් නෙවේ.

    ReplyDelete
  6. හි හි හි
    හොද වෙලාවට මම තාම ලංකාවෙ දුම‍්රියක නං ගිහිල්ලම නෑ..

    ReplyDelete
  7. හික් හික්...

    මොනව උනත් කෝච්චිය පට්ට වාහනේ නේ :)

    ReplyDelete
  8. මේ කත් ඔය වගේ ම සින් එකක්.දවසක් ඔහොම එනවුන්ස් කරකර ඉන්න කොට...
    පලමු වෙනි වෙදිකාවට දැන පැමිනි දුම්රිය .....(කිලා කියන කොටම මිනිහගේ තේ එක ගෙනැල්ලා ඉතින් කියලා තියෙන්නේ මෙහෙම)පැත්තකින් තියන්න...

    පලමු වෙනි වෙදිකාවට දැන පැමිනි දුම්රිය පැත්තකින් තියන්න...

    ReplyDelete
  9. මම ඉස්කෝලෙ යන කාලෙ( අනේ කවුරුත් අහන්න එපා රතුතරුව ඉස්කෝලෙත් ගියාද? කියලා)කෝච්චිය තමයි පහසුම ප්‍රවාහන මාධයය උනේ. ඔය වගේ අත්දැකීම් සිය ගනනක් තියෙනව. :) 'මහනුවර බලා යන දුම්රිය අද දින ස්වල්පවේලාවක් ප්‍රමාද වී ධාවනය වන බව කරුනාවෙන් සලකන්න' කියනකොට ඒ කියන්නෙ අඩුම ගානෙ පැයක් විතර කෝච්චිය පරක්කුයි.. :)

    ReplyDelete
  10. ගණන් ගන්න එපා මොනව උනත් දුප්පතාට යන්න තියෙන වාහනේනේ. පොඩි මැණිකෙ එකේ බදුලු යාම නං මරේ මරු.

    ReplyDelete