Sunday, April 26, 2009

සමාව අයැද සිටිමි.

මෙහි පල වූ ලිපියකින් කිය වුනු යම් කරුණක් නිසා මාහට එම ලිපිය බ්ලොග් පිටුවෙන් ඉවත් කරන ලෙස බලපෑම් එල්ල විය(මාගේම සඟයන්ගෙන් තමා ).
එබැවින් මා එම ලිපිය මගේ බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගත්තෙමි.
ඒ පිළිබඳ මා ඔබ සැමගෙන් සමාව අයැද සිටිමි.

Friday, April 24, 2009

දුම්රිය මාරුව

ඔන්න දවසක් අපේ Office එක ඉවර වෙලා ගෙදර යන්න කියල Station එකට ගියාම 5.25 විතර කියනවා "මහව හංදිය බලා යන දුම්රිය 2 වන වේදිකාවට පැමිණෙනවා" කියල. ඉතින් පරණ පුරුද්දට මමත් අනේ හරි සතුටින් කෝච්චිය ආපුගමන් නැගල Sheet එකක් අල්ලගෙන පොඩි නින්දක් දාන්න කියල හැදුව විතරයි මෙන්න කියනව මේක ගම්පහ නවත්තන්නෙ නැහැ කියල. කමක් නැහැ කොටුවට යන්නවා කියල හිටිය. ඉතින් ඔන්න කොටුව ගිහිල්ල කෝච්චියෙන් බැස්සා විතරයි කියනව මේක ගම්පහ නවත්තනවා කියලා. මට ඉතින් ..........

මේක ඉතින් ලංකාවනෙ. නේද ?

Thursday, April 23, 2009

මගේ Blog එක සින්ඩියට

ඔන්න මං මගෙ Blog එක සින්ඩියට දැම්මා. පුදුම සතුටක් දැනුනෙ.
ඒත් ඉතින් දැන් නිකන් ඉඳල බෑ නේ. හොඳ අදහස් ටිකක් Post කරන්නත් එපැයි. වැඩේ තියෙන්නෙ මට අදහස් ගලාගෙන එන්නෙ හෙමිහිට හෙමිහිට. ඒ නිසා තරහ ගන්න එපා පොස්ට් දාන්න පරක්කු වුනොත් හොඳේ.

එක නෙමෙයි ඔන්න මගේ තවත් යාළුවෙක් Blog එකක් ලියන්න අරගෙන.
මෑන් ගෙ link එකත් මම ඔන්න පැත්තකින් දැම්ම. බලන්න හොඳේ.

Wednesday, April 22, 2009

ශ්‍රි ලංකා මාතා

මම ශ්‍රි ලාංකිකයෙක්. ඒක කියන්න මම ලැජ්ජ වෙන්නෙ මොකටද ?
පසුගිය අවුරුදු කීපයක ඉඳන් තියෙන යුද්ධය අවසානෙටම ඇවිල්ලා. ඒ ගැන හිතන කොට නම් පුදුම සතුටක් දැන්නෙන්නෙ. ලඟදීම දවසක අපිට මේ සුන්දර දූපතේ අපට හිතෙන තැනක නිදහසේ යන්න එන්න පුළුවන් වෙයි. ඒ දවස එනතෙක් මම බලාගෙන ඉන්නවා.

ප්‍රගතිය Progress

මම මේ කියන්න යන්නෙ ඔයගොල්ලො දන්න ප්‍රගතිය ගැන නම් නෙමෙයි.

මේ Progress කියන්නෙ පරිගඝණක භාෂාවක්. ඔයගොල්ලො හුඟ දෙනෙක් මේ පරිගඝණක භාෂාව අහලවත් නැතුව ඇති. මොකද මේ භාෂාව හුඟක්ම පාවිච්චි කරන්නෙ ඕස්ට්‍රේලියාව , එන්ගලන්තය වගේ රටවල් තමයි. අපේ රටේ මේක පාවිච්චි කරන මෘදුකාංඟ සමාගම් දෙක තුනකට වැඩිය නැහැ. මම දැන් පුහුණු වන මෘදුකාංඟ නිපදවන්නෙක් විදියට වැඩ කරන OpenArc සමාගමත් එයින් එකක්.

Read Blogs in Sinhala

I used to write Sinhala Blog. When you take a look at my blog did you see any symbols appear in some Blog Post ? That because you computer not support "Sinhala Unicode".

Then you have to install "Unicode font" in your computer. You can Download "Sinhala Unicode Kit" referring this link .

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe



Download it and install.


Sinhala Gini Nariya.

ඇරඹුම

ඔන්න මම Blog එකක් ලියන්න ගත්තා. මේක මගේ හිතේ තිබුනු අදහසක් තමා ඒ උනත් ඒ අදහස ක්‍රියාත්මක කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒ වගේම මට මේක අමතකත් වෙලා තිබුනෙ.මගෙ යාළුවෙක් Blog එකක් හදනවා දැකලා මට මේ වැඩේ මතක් උනේ.

ඉතින් මම හිතනවා මට හොද බ්ලොග් එකක් හදන්න පුළුවන් වෙයි කියල.

නැවත හමුවෙමු.