Sunday, May 17, 2009

අපි දැන් නිදහස්

මේක නම් මාර හැඟීමක් නේද ? ශ්‍රි ලංකාව දැන් නිදහස් රටක්. මට නම් කිසි දෙයක් හිතාගන්න බෑ . මේක හීනයක්ද ?

Thursday, May 14, 2009

එදා මෙදා තුර...................

ඔන්න මම කියපු විදියටම තවත් සින්ඳුවක් අරන් ආවා. ඒකත් හුඟක් ලස්සන සින්ඳුවක්. ඔයාලම බලන්නකො. සනත් නන්දසිරි මහත්තය තමයි මේ සින්ඳුව කියන්නෙ. වැඩිකතා ඕන නෑ, මෙන්න සින්ඳුව,

.......................................

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා

දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින්
කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර.........

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්රි යේ

එදා මෙදා තුර.........

Wednesday, May 13, 2009

ඒක හරිම ලස්සනයි.......

හුඟ දවසකට පස්සෙ ආයෙත් පොස්ට් එකක් දාන්න අවස්ථාවක් උදා වුනා.මේ වෙසක් එකට අපේ නෑයෝ හුඟ දෙනෙක් අපේ ගෙදර අවා.(වෙසක් බලන්න නෙමෙයි. ආච්චිගෙ දානෙ නිසා )ඉතින් අපේ ලොකු අම්මා මගෙන් ඇහුවා සින්ඳුවක් තියෙනවා ප්‍රින්ට් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ සින්ඳුව ලස්සනයි කියල හිතුනා. ඔන්න මම ඒක බ්ලොග් එකට දැම්මා. තවත් ලස්සන සින්ඳු ටිකක් තියනව ඒ ටිකත් මම දාන්නයි හිතාගෙන ඉන්නෙ. ඔයගොල්ලොටත් ලස්සනයි කියල හිතෙන සින්ඳු තියෙනවා නම් කියන්න මම ඒවත් ලියල දාන්නම්.
මෙන්න සින්ඳුව,


හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිඳින්
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබ්ඳි නූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වීනුඹ රැඳී දෑසේ

හිතින් මා......

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමියි නිබඳේ

හිතින් මා......

Sunday, April 26, 2009

සමාව අයැද සිටිමි.

මෙහි පල වූ ලිපියකින් කිය වුනු යම් කරුණක් නිසා මාහට එම ලිපිය බ්ලොග් පිටුවෙන් ඉවත් කරන ලෙස බලපෑම් එල්ල විය(මාගේම සඟයන්ගෙන් තමා ).
එබැවින් මා එම ලිපිය මගේ බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගත්තෙමි.
ඒ පිළිබඳ මා ඔබ සැමගෙන් සමාව අයැද සිටිමි.

Friday, April 24, 2009

දුම්රිය මාරුව

ඔන්න දවසක් අපේ Office එක ඉවර වෙලා ගෙදර යන්න කියල Station එකට ගියාම 5.25 විතර කියනවා "මහව හංදිය බලා යන දුම්රිය 2 වන වේදිකාවට පැමිණෙනවා" කියල. ඉතින් පරණ පුරුද්දට මමත් අනේ හරි සතුටින් කෝච්චිය ආපුගමන් නැගල Sheet එකක් අල්ලගෙන පොඩි නින්දක් දාන්න කියල හැදුව විතරයි මෙන්න කියනව මේක ගම්පහ නවත්තන්නෙ නැහැ කියල. කමක් නැහැ කොටුවට යන්නවා කියල හිටිය. ඉතින් ඔන්න කොටුව ගිහිල්ල කෝච්චියෙන් බැස්සා විතරයි කියනව මේක ගම්පහ නවත්තනවා කියලා. මට ඉතින් ..........

මේක ඉතින් ලංකාවනෙ. නේද ?

Thursday, April 23, 2009

මගේ Blog එක සින්ඩියට

ඔන්න මං මගෙ Blog එක සින්ඩියට දැම්මා. පුදුම සතුටක් දැනුනෙ.
ඒත් ඉතින් දැන් නිකන් ඉඳල බෑ නේ. හොඳ අදහස් ටිකක් Post කරන්නත් එපැයි. වැඩේ තියෙන්නෙ මට අදහස් ගලාගෙන එන්නෙ හෙමිහිට හෙමිහිට. ඒ නිසා තරහ ගන්න එපා පොස්ට් දාන්න පරක්කු වුනොත් හොඳේ.

එක නෙමෙයි ඔන්න මගේ තවත් යාළුවෙක් Blog එකක් ලියන්න අරගෙන.
මෑන් ගෙ link එකත් මම ඔන්න පැත්තකින් දැම්ම. බලන්න හොඳේ.

Wednesday, April 22, 2009

ශ්‍රි ලංකා මාතා

මම ශ්‍රි ලාංකිකයෙක්. ඒක කියන්න මම ලැජ්ජ වෙන්නෙ මොකටද ?
පසුගිය අවුරුදු කීපයක ඉඳන් තියෙන යුද්ධය අවසානෙටම ඇවිල්ලා. ඒ ගැන හිතන කොට නම් පුදුම සතුටක් දැන්නෙන්නෙ. ලඟදීම දවසක අපිට මේ සුන්දර දූපතේ අපට හිතෙන තැනක නිදහසේ යන්න එන්න පුළුවන් වෙයි. ඒ දවස එනතෙක් මම බලාගෙන ඉන්නවා.